වෙරළ ක‍්‍රීඩා උළෙල 2011

ජාතික ඔලිම්පික් කමිටුව මගින් සංවිධානය කරනු ලැබූ 2011 වෙරළ ක‍්‍රීඩා උළෙල පසුගියදා මීගමුව බ‍්‍රවුන්ස් වෙරළ තීරයේදී පසුගිය අගෝස්තූ 27 වෙනිදා පවත්වනු ලැබිණි. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තම දක්‍ෂතාවයන් මැනවින් විදහා දක්වන ලදී.

මෙම තරඟාවලිය සඳහා වෙරළ අත්පන්දු, වෙරළ වොලිබෝල් සහ වෙරළ දැල්පන්දු ක‍්‍රීඩා තරඟ වලින් සමන්විත විය. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කණ්ඩායම් වෙරළ අත්පන්දු හා වෙරළ වොලිබෝල් ක‍්‍රීඩා තරඟ වලදී තම දක්‍ෂතා පෙන්නුම් කරන ලදී.

මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් පිරිමි වෙරළ වොලිබෝල කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායමක් සහභාගී වූ අතර එහිදී පිරිමි කණ්ඩායම් දෙක දෙවන සහ තුන්වන ස්ථාන ලබා ගත් අතර කාන්තා කණ්ඩායම තුන්වන ස්ථානය ලබා ගන්නා ලදී. එසේම ගුවන් හමුදා වෙරළ අත්පන්දු කණ්ඩායම් කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම දෙවන ස්ථානය ලබා ගැනීමට සමත්කම් දැක්වීය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.