ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පුළුල් මනස පිළිබඳ සිව්දින වැඩමුළුවක් – නිලධාරීන් 600කට අධික පිරිසක් සහභාගීවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කළ “පුළුල් මනස” පිළිබඳ සිව්දින පුහුණු වැඩමුළුවක් ගුවන් හමුදා මූලස්ථානයේ ‘හොරයිසන්’ ශාලාවේදී සාර්ථකව පවත්වන ලද අතර මෙම වැඩමුළුවට, දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ගුවන් භටයින් 600කට වැඩි පිරිසක් සහභාගී විය. 

මානව විභව සංවර්ධනය, සංවිධානාත්මක මනෝ විද්‍යාව සහ කළමනාකරණ පුහුණු ක්ෂේත්‍රවල ප්‍රවීණ ආචාර්ය නලින් ජයසූරිය මහතා සහ වෛද්‍ය උපදේශකයෙකු ලෙසද, මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කරන ආචාර්ය කෞෂල්‍යා පෙරේරා මහත්මිය විසින් වැඩසටහන මෙහෙය වන ලදී.

ගුවන් හමුදාපතිතුමන් සහ මාණ්ඩලික ප්‍රධානීතුමාගේ මූලික මූලික අනුදැනුම මත ගුවන් හමුදා සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩ මුළුව තුලින් හමුදා සන්දර්භයන් සඳහා යෝග්‍ය වන  මනසික ශක්තිය සහ සන්සුන්භාවය වර්ධනය කිරීමේ ක්‍රමවේද හඳුන්වාදීම සිදුවිය.

වැඩමුළුවේ අවසාන දිනය, මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර වැඩසටහන සඳහා සිදුකල විශේෂ දායකත්වය වෙනුවෙන් ආචාර්ය නලින් ජයසූරිය සහ ආචාර්ය කෞෂල්‍යා පෙරේරා මහත්වරුන් හට සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

First Day

Second Day

Third Day

Fourt Day

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.