ජාතික කබඩි තරඟාවළියේ ජය ගුවන් හමුදාවට

දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක‍්‍රීඩාංගනයේදී පසුගිය අගෝස්තු මස 27 සහ 28 යන දෙදින තුළ පවත්වනු ලැබුණු ජාතික කබඩි ශූරතාවළියේ කාන්තා අංශයේ ශූරතාවය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කබඩි කණ්ඩායම සමත්කම් දැක්වීය. එහිදී ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායම සහභාගී වූ කණ්ඩායම් 14 ක් අතරින් තුන්වන ස්ථානයට පත් විය.

කාන්තා අංශයේ තරඟාවළිය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගී වු අතර එම තරඟ කණ්ඩායම් ඒ සහ බී වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදන ලදී. එහිදී පලමු වටයේදී නාවික හමුදා බී කණ්ඩායම, කළුතර ක‍්‍රීඩා සමාජය, ගම්පහ කී‍්‍රඩා සමාජය, දෙහිඅත්තකණ්ඩාය ක‍්‍රීඩා සමාජය සහ යුධු හමුදා ක‍්‍රීඩා සංචිතය ගුවන් හමුදාව හා තරඟ වැදුණු අතර එම තරඟ සියල්ලේම ජයග‍්‍රහණය ලබා ගනිමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට සදුසුකම් ලබාගන්නා ලදී. බී කාණ්ඩයෙන් තරඟ වැදුණු නාවික හමුදා ඒ කණ්ඩායම අවසන් මහා තරඟයට බී කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබීය.


අවසන් මහා තරඟයේදී නාවික හමුදා ඒ කණ්ඩායම ලකුණු 19 - 9 ක් ලෙසින් පරාජයට පත් කරමින් අපරාජිතව තරඟාවළියේ ශූරතාවය දිනාගනු ලබන්නට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම සමත් විය. දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා චතුරානි පී.එම්.ඩබ්.ඩබ්. සුදුසුකම් ලැබුවාය.


සබරගමු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සහ ජාතික කබඩි සම්මේලනයේ සභාපති මහීපාල හේරත් මහතා මෙහි ප‍්‍රධාන අරධිත අමුත්තා වශයෙන් සහභාගී විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.