ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ආරක්ෂක සේවා පැසිපන්දු ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 2024/2025 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පැසිපන්දු අවසන් මහා තරගය 2025 ජූලි 24 වැලිසර කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි. 

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායමට එරෙහිව 46-45 ක පටු ජයග්‍රහණයක් ලබා ගනිමින් අඛණ්ඩව තුන්වන වරටත් ශූරතාවය දිනාගැනීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් වූ අතර. පිරිමි තරගයේදී යුද හමුදාව කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 79-65 ක් ශූරතාව දිනා ගත් අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්හ.

අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රධානෝත්සව රියර් අද්මිරාල් එච්.කේ. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් වු අතර යුද හමුදා පැසිපන්දු සභාපති මේජර් ජෙනරාල් එම්එන් ප්‍රනාන්දු, ගුවන් හමුදා පැසිපන්දු සභාපති එයාර් කොමඩෝර් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා, නාවික හමුදා පැසිපන්දු සභාපති කපිතාන් එන්සීපීඑන් නානායක්කාර, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම්, ගෲප් කැප්ටන් ඩීඊ ගීගනගේ, ගුවන් හමුදා පැසිපන්දු සංචිත ලේකම්, ගෲප් කැප්ටන් එච්කේඑච් ඩයස්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ද මෙම අවස්ථාවට එක්විය.

ප්‍රතිඵල සාරාංශය
කාන්තා

දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව: ගුවන් කාන්තා ලියනගේ 

දක්ෂතම ක්‍රීඩිකාව: නායක ගුවන් කාන්තා සිතාරි සිල්වා

පිරිමි 

ප්‍රහාරාත්මක ක්‍රීඩකයා: නායක ගුවන් භට වෙනිටෝ 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.