ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රණවිරු පවුලකට නිවසක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය විසින් පසුගිය සැප්තැම්බර් මස 02 වන දින උදෑසන 1018 ට යෙදුණු සුභ මොහොතින්, අළුතින් සාදවා නිම කරන ලද නව නිවස මියගිය බලපන්ති ලූතිනන් ඉඳුරවි මුතුකුමාරණ ගුවන් හමුදා නිළධාරියාගේ බිරිඳ හා පුංචි පුතු හට භාර කරන ලදී. ඔහුට 2007 මාර්තු මස 01 වන දින අනුරාධපුර කඳවුරේදී ගුවන් යානා පුහුණු සැසියකදී පීටී 06 වර්ගයේ ගුවන් යානා අනතුතුරකින් තම ජීවිතය අහිමි විය.

නො. 202 බී 2/1, දික්හේනවත්ත, කුඩමඩුව පාර, මත්තේගොඩ, කොට්ටාව යන ලිපිනයේ රුපියල් මිලියන 1.3 ක වියදමින් ඉදිවුණු මෙම නව නිවසේ සියළුම ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද අතර ගුවන් හමුදා සේවා වනිතා එකකය හා ගුවන් හමුදා සුභ සාධක අංශය එකට එක්ව මෙම කාර්යය සිදු කරන ලදී.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.