පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිල හමුවක්
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් 2025 අගෝස්තු 25 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.
ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයට පැමිනි පොලිස්පතිතුමන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.
පොලිස්පතිතුමා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හමුවිය. මෙම හමුවේදී ගුවන් හමුදාපතිතුමන් සහ පොලිස්පති වීරසූරිය මහතා සුහද සාකච්ඡා පැවැත්වූ අතර 37 වන පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව ගුවන් හමුදාපතිතුමන් ප්‍රියන්ත වීරසූරිය මහතාට සුබ පැතුම් පිරිනමන ලදී. එම අවස්ථාව සනිටුවන් කරමින් ගුවන් හමුදාපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කර ගන්නා ලදී.