ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ ක්‍රීඩා සැණකෙළිය
2025 ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ ක්‍රීඩා සැණකෙළිය පසුගිය අගෝස්තු 28 වන දින සාර්ථකව කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ ගෞරවනීය ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
ක්‍රිකට් සහ නෙට්බෝල් තරඟ සඳහා ස්කයි හෝක්ස්, ඒරියල් ස්ට්‍රයිකර්ස් සහ වින්ග් වොරියර්ස් යන නිවාස තුනක් යටතේ නිලධාරීන් වැදුණි. එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙන්විරත්නගේ නායකත්වයෙන් යුත් වින්ග් වොරියර්ස් කණ්ඩායම ක්‍රිකට් ශූරතා කුසලානය දිනා ගත් අතර එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වාගේ නායකත්වයෙන් යුත් ඒරියල් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නෙට්බෝල් ශූරතාව දිනා ගත්තේය. එයාර් වයිස් මාර්ෂල් ආචාර්ය ලලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් ස්කයි හෝක්ස් කණ්ඩායම ද මෙම උත්සවය අතරතුර කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සියලුම නිලධාරීන් ද සහභාගී වූහ.