ක්ලිෆර්ඩ් කුසලාන 2011 තරගාවලියේ ගුවන් හමුදාව සාර්තක ගමනක

ක්ලිෆර්ඩ් කුසලාන 2011 තරගාවලියේ ගුවන් හමුදාව සාර්ථක ගමනක කැල්ටෙක්ස් ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියේ පිලිමලුන් පිටුදැකීමේ අවසන් පූර්ව වටයේ ගුවන් හමුදාව හා මහනුවර කණ්ඩායම අතර පවති තරගයේ ජය මහනුවර කණ්ඩායම විසින් මහනුවර බෝගම්බර පිටියේදී 2011 සැප්තැම්බර් මස 10 වන දින හිමි කරගන්න ලදී.  
 
ප්‍රදීප් ලියනගේ විසින් ලබාගත් උත්සාහක දිනුමත් සමග මහනුවර කණ්ඩායමෙන් ඉදිරියෙන් පසුවූ අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව නරඹන්නන් මවිතයට ලක් කරමින් උත්සාහක ගෝලය සාර්තක කරගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක මිතුන් හපුගොඩගේ හා රාධික හෙට්ටිආරච්චි සමත් විය. මේ සමගම පලමු භාගයේදී ලකුනු තත්වය 07-05 ලෙස  ඉදිරියෙන් පසුවීමට ගුවන් හමුදාව සමත් විය.

ඉන්පසුව තරගයේ අනසක පතිරවීමට මහනුවර කන්ඩායම සමත් වූ අතර ඊට නොදැවෙනි වික්‍රමාන්විත ක්‍රීඩා විලාසයක ගුවන් හමුදාව නිරත වූවද මහනුවර කණ්ඩායමේ  දිනේශ් සංජීව හා ගයාන් වීරරත්න ලබාගත් උත්සාහක දිනුම් සමග 15-07 ලෙස මහනුවර කණ්ඩායම තරගයේ ඉදිරියෙන් පසු විය.   




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.