පකිස්තානයේ ජාතික ගුවන්විදුලි සහ විදුලි සංදේශ සංස්ථාවේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයට පැමිණේ.

පාකිස්තානයේ ජාතික ගුවන්විදුලි සහ විදුලි සංදේශ සංස්ථාවේ (NRTC) නියෝජිත පිරිසක් 2025 ඔක්තෝබර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයට පැමිණියහ.

මෙම නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස පකිස්තානයේ ජාතික ගුවන්විදුලි සහ විදුලි සංදේශ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් අස්මාත් ෂබ්බීර් පැමිණෙන ලදී.

නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා සහ සාමාජිකයින් කිහිප දෙනෙකු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සුහද සාකච්ඡාවලින් පසුව සංකේතාත්මක සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් කපිල ඒකනායක යන නිලධාරිවරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.