ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරාධිත දේශනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් පවත්වන ලදී.
2025 ඔක්තෝබර් 31 වන දින ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවති පාඨමාලා අංක 04 හි ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සඳහා ‘ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාවේ උපායමාර්ගික දායකත්වය, නූතන ආරක්ෂාව සඳහා එහි විකාශනය වන කාර්යභාරය සහ පුළුල් ජාතික ආරක්ෂක රාමුව තුළ ඒකාබද්ධතාවය’ යන තේමාව යටතේ ආරාධිත දේශනයක් පැවැත්වීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාට ආරාධනා කරන ලදී.
ඒ අනුව ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාධිනායක මේජර් ජෙනරාල් චමිල මුණසිංහ මහතා විසින් විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාපතිවරයා පිළිගනු ලැබීය. ඉන්පසුව, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ලේකම් බ්‍රිගේඩියර් කේ.එම්.ජී. බණ්ඩාරනායක මහතා විසින් ගුවන් හමුදාපතිවරයා පිළිබඳ හැඳින්වීමේ සටහනක් ඉදිරිපත් කිරීමෙන් පසු ගුවන් හමුදාපතිවරයාගේ දේශනය සඳහා කටයුතු භාර දෙන ලදී.
මෙම අවස්ථාව සැමරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාධිනායකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී. එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ද අමුත්තන්ගේ පොතේ සිය සුභ පැතුම් එක් කරමින් කීර්තිමත් ආයතනයට කළ සංචාරය සනිටුහන් කළේය.