පෞද්ගලික සංවර්ධනය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් ගුවන් හමුදා කාන්තා අංශයේ වාර්ෂික සමුළුව පවත්වයි
ගුවන් හමුදා කාන්තා අංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික සමුළුව 2025 නොවැම්බර් 04 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. පෞද්ගලික සංවර්ධනය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පවත්වන ලද මෙම සමුළුවෙහි කීර්තිමත් සම්පත්දායකයින් විසින් මෙහෙයවන ලද සැසි දෙකක් ඇතුළත් විය.
‘මානසික සෞඛ්‍ය දැනුවත්භාවය සහ සබඳතා’ යන තේමාව යටතේ ප්‍රසිද්ධ උපදේශන මනෝවිද්‍යාඥවරියක් සහ කතුවරියක් වන අංජලී බුදවත්ත ජයවර්ධන මහත්මිය විසින් පළමු සැසිය මෙහෙයවන ලදී. ඇයගේ දේශනය මගින් වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය යන දෙකෙහිම චිත්තවේගීය සමතුලිතතාවය, ස්වයං දැනුවත්භාවය සහ ධනාත්මක අන්තර් පුද්ගල සබඳතා පෝෂණය කිරීමේ වැදගත්කම ඉස්මතු කරන ලදී.
ඉන්පසු පැවති දෙවන සැසිය, වෘත්තීය කොණ්ඩා මෝස්තර ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් වන නිලක්ෂි නාගහමුල්ල මහත්මිය විසින් මෙහෙයවන ලද අතර, ගුවන් හමුදා සාමාජිකයින් ලෙස වෘත්තීය හා අලංකාර පෙනුමක් පවත්වා ගැනීමට සහභාගිවන්නන් දිරිමත් කරමින්, පුද්ගලික අලංකාරය, සහ විශ්වාසය ගොඩනැගීම පිළිබඳ වටිනා දැනුමක් ඇයගේ දේශනයෙන් ලබා දෙන ලදී.
ගුවන් හමුදා කාන්තා පක්ෂාංගයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සුභාෂ් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේදී, සියලුම ගුවන් හමුදා ආයතන නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, එය බලගැන්වීම සහ පෞද්ගලික දියුණුව සඳහා වටිනා අවස්ථාවක් විය