වාර්ෂික කාන්තා ගුවන් ශිෂ්‍ය භට ඇගයීමේ කඳවුර දියතලාවේදී..

ජාතික ශිෂ්‍ය භට බලකාය මගින් සංවිධානය කරන ලද වාර්ෂික කාන්තා ගුවන් ශිෂ්‍ය භට ඇගයීමේ කඳවුර පසුගිය සැප්තැම්බර් මස 06 වෙනි දින සිට 15 වෙනි දා දක්වා දියතලාව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

මෙහි විසිරයාමේ පෙළපාලිය පසුගිය 14 වෙනි දින පවත්වනු ලැබූ අතර  ඒ සඳහා ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ජී.බී.ඩබ්. ජයසුන්දර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ගුවන් ශිෂ්‍ය භට බලකායේ ශිෂ්‍ය භටයින් අන් සියල්ලන්ට වඩා සම විටම ඉදිරියේන සිටින්නට උත්සාහ ගන්නා අතර  ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ උපරිම කැපවීම දරණු ලබයි. ඒ වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම කඳවුරේදීද ඔවුන් එකිනෙකාට නොදෙවෙනිව තම දක්‍ෂතා දක්වමින් ගුවන් හමුදාමය මෙන්ම සාමාන්‍ය දැනුමද ලබා ගනිමින් ලත් පුහුණුවෙන් පසු විශේෂ විභාගයන්ට ද මුහුණ දෙන ලදී. මෙහිදී සරඹ, ක්‍ෂේත‍්‍ර ශිල්පය, ගුවන් හමුදා හා සාමාන්‍ය සේව දැනුම මෙන්ම තම හැකියාවන් පෙන්වීමටද අවස්ථාව උදා කර දී තිබිණි.


මෙහිදී තියුණු තරඟයකින් අනතුරුව දෙවන බල ඇණියට අයත් මහනුවර රසිකලා සෞන්දර්යය
විද්‍යාලයේ කාන්තා ශිෂ්‍යභටයින් ශූරතාවය හිමිකර ගන්නා ලද අතර අටවන බල ඇණියට අයත් ඇඹිලිපිටියේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම අනුශූරතාවයට හිමිකම් කියන ලදී.  

ගුවන් හමුදා දියතලාව කඳවුරේ අණදෙන නිළධාරී තුමන්ද, ගුවන් හමුදාවේ උසස් නිළධාරීහු රැසක් හා ජාතික ශිෂ්‍ය භට බලකායේ නිළදාරීහු රැුසක්ද, අදාල වුදුහල් වල විදුහල්පති වරුන් ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ද, විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.