පාඨමාලා අංක 79 ශිෂ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවය
පාඨමාලා අංක 79 ශිෂ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවය 2025 නොවැම්බර් 12 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවැත්විණි. මෙම පාඨමාලාවට පිරිමි ශිෂ්‍ය නිලධාරීන් 14 දෙනෙකු සහ කාන්තා ශිෂ්‍ය නිලධාරීනියන් පස් දෙනෙකු ඇතුළත් වූ අතර, ඔවුන් දියතලාව සටන් පුහුණු පාසලේ සති තුනක මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කළ අතර, ඉන්පසු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු අංශයේ පරිපාලන පාඨමාලාව සති හතරක් සම්පූර්ණ කළහ.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩෙමියන් වීරසිංහ නිළධාරීතුමන්ගේ ප්‍රධානනත්වයෙන් පැවති මෙම උත්සවයේදී නව අධිකාරියට පත් නිලධාරීන්, නිළධාරිනියන් හට සිය සුබ පැතූම් එක්කරන ලද අතර දැඩි පුහුණුව සහ ජාතියට සේවය කිරීමට ඇති නොසැලෙන කැපවීම පිළිබිඹු කරන මොහොතක් බව වැඩිදුරටත් අවධාරනය කළේය.
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා සහ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලසන්ත ලියනහෙට්ටි යන නිළධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම පාඨමාලාව පවත්වන ලදී.