මැලිබන් ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ලීග් 2025/26 තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට සුවිශේෂී ජයක්

මැලිබන් ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේදී ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම 2025 නොවැම්බර් 15‍ වන දින රත්මලානේදී පැවති තරඟයේදී යුධ හමුදා කණ්ඩායමට එරෙහිව සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත් විය.

තරගයේ පළමු මිනිත්තු 10 තුළ ගුවන් හමුදාව විසින් පළමු ලකුනු ලබා ගැනීමෙන් තරගය ආරම්භ විය. ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් සමඟ පළමු භාගය අවසාන් වන විට ගුවන් හමුදාවට ලකුණු 10 ක් සහ යුධ හමුදාවට ලකුණු 12 ක් ලබා ගනිමින් ආධිපත්‍යය දැරීය.

ගුවන් හමුදා කණ්ඩායම තරඟයේ දෙවන භාගය වන විට සුවිශේෂී දස්කම් එක්කරමින් තරඟයේ පෙරමුණ ගත් අතර අවසානයේ යුධ හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 24 ට 19 ක් ලබා ගනිමින් ජයග්‍රහනය හිමිකරගැනීමට සමත් විය.

ගුවන් හමුදාව වෙනුවෙන් ශාමික කෞෂාන් උත්සාහක දිනුම් දෙකක්, මලීෂ වීරකෝන් උත්සාහක දිනුමක් සහ ගයන්ත ඉද්දමල්ගොඩ ගෝල තුනක් සහ දඬුවම් පහරක් ලබාගැනීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.