කොළඹදී පැවති 2025 අනුස්මරණ දින උත්සවය
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය (SLAFVA) විසින් ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන් ඇතුළුව මියගිය සියලුම රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක් 2025 නොවැම්බර් 16 වන දින විහාර මහා දේවි උද්‍යානය ස්මාරකය අභියසදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද හමුදාපතිවරුන් සහ නාවික හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, විදේශ තානාපතිවරුන් සහ ආරක්ෂක උපදේශකයින්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයින් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
කොළඹ පිහිටි යුද ස්මාරකය මුලින් ගාලු මුවදොර පරිශ්‍රයේ ඉදිකරන ලද නමුත් පසුව දෙවන ලෝක යුද්ධ සමයේදී ස්මාරකය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් වර්තමාන ස්ථානයේ නැවත එකලස් කරන ලදී. පළමු ලෝක යුද්ධයේදී මියගිය රනවිරුවන්ගේ නම් ස්මාරකයේ අඩංගු වන අතර, එය පිටුපස ඇති අනුස්මරණ පවුර දෙවන ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් සඳහන් කර ඇත.