2025 වසර සඳහා අධිකාරී නොලත් නිලධාරීන් සඳහා 2 වන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව
අධිකාරී නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 21 වන සහ 2025 වසර සඳහා 2 වන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව SLAF රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව අවසන් විය. වැඩමුළුව 2025 නොවැම්බර් 17 සිට 21 දක්වා සියලුම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් අධිකාරී නොලත් නිලධාරීන් 36 දෙනෙකු සහභාගී වූ අතර දින 5 ක් පුරා පැවති මෙම වැඩමුළුව ආරක්ෂක කළමනාකරණ පද්ධති, ගුවන් සේවා කායික විද්‍යාව සහ මනෝවිද්‍යාව, කුරුළු ගුවන් යානා ප්‍රහාර අවදානම, ගුවන් යානා අනතුරු විමර්ශනය, ද්‍රව්‍යමය සාධක, මානව සාධක, ගුවන් යානා ගිනි නිවීම සහ ගුවන් ගමනාගමන සේවාවන්හි අංශ වැනි ප්‍රධාන ගුවන් ගමන් ආරක්ෂණ ක්ෂේත්‍ර ආවරණය කළේය. සියලුම දේශන සුදුසුකම් ලත් සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් පවත්වන ලදී.
වින්ග් කමාන්ඩර් එම්බීජිටි ඩයස් නිළධාරීතුමන් විසින් ආරම්භක දේශනය පවත්වන ලද අතර වැඩමුළුවේ අවසානය සනිටුවන් කරමින් සහතික ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් 21 වන දින ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර, ප්‍රධාන ගුවන් ආරක්ෂක පරීක්ෂක , වින්ග් කමාන්ඩර් එම්බීජීටී ඩයස්, ප්‍රධාන ගුවන් ආරක්ෂක පරීක්ෂක (ඉංජිනේරු), ගෲප් කපිතාන් කේඩබ්ලිව්බී සුමනසේකර සහ ගුවන් ආරක්ෂක පරීක්ෂක, ස්කොඩුන් ලීඩර් ඩබ්ලිව්ඩීඑල්පීඒ සිල්වා යන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.