අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය (CBRNE ) 6 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය 2025 නොවැම්බර් 27 දින සිය 6 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය. සැමරුම් උත්සවය ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් වන අතර එය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් දහම් වික්‍රමරත්නන නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. පෙළපාළියෙන් පසුව, අණදෙන නිලධාරීවරයා පක්ෂාංගයේ සියලුම නිලයන් අමතන ලද අතර එකමුතුකම ශක්තිමත් කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ ක්‍රීඩා ඉසව්වකින් සැමරුම අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.