අන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය අනුරාධපුරට

ගුවන් හමුදා කොළභ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පවති අන්තර් ඒකක කරාතේ ශුරතාවලිය 2011 දිනා ගැනීමට ගුවන් හමුදා අනුරාධපුර කදවුර  පසුගියදා (23) සමත් විය.

ගුවන් හමුදා අනුරාධපුර කදවුර ලකුනු 29 ලබා ගනිමින් ශූරතාවලිය දිනාගත් අතර ලකුනු 12 ලබාගත් චීන වරාය කදවුර අනු ශූරතාවයට හිමිකම් කියන ලදී.කදවුරු 18 නියෝජනය කරමින් ක්‍රීඩකයින් 150 අධික සංඛ්ය්‍යාවක් සහභාගි වූහ.

කරාටේ සම්මේලනයේ සභාපති අජිත් අබේසේකර මහතා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර අනුරාධපුර කදවුරු අනදෙන නිලධාරී ගුවන් කොමදෝරු රවී ජයසිංහ හා ගුවන් හමුදා කරාටේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් වාසගේ මේ අවස්ථාවට එක් විය.

තරගාවලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා සහභාගි වූ අතර ගුවන් හමුදා කරාතේ සංගමයේ සභාපති ගෲප් කපිතාන් දිශාන් වාසගේ  ද මෙම අවස්ථාවට සහභාගි විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.