අක්ශි සායනය කදවුර කටුනායක

ගුවන් හමුදා කටුනායක කදවුරේ සේවයේ නියුතු සියලුම සිවිල් සේවකයින් අදහා නොමිල්යේ අකෂි සායනයක් 2011 සැප්තැම්බර් මස 21 වන දින කටුනායක ගුවන් හමුදා රෝහල් පරිශ්‍රයේදී පැවැත් වින.

මෙම සායනය කටුනායක සිවිල් කාර්ය මන්ඩලයේ අධ්‍යක්ෂිකා බී වී මල්ලිකා මහත්මියගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීක අබේවික්‍රම මැතිනියගේ සහභාගිත්වයෙන් පැවත්විනි.

400 ආසන්න සිවිල් සේවකයින් සංක්‍යාවක් මේ සදහා සහභාගි වූ අතර අක්ශි වෛද්‍ය උපදේශක දොස්තර සුජාත පතිරන හා ගුවන් හමුදා කටුනායක කදවුරු වෛද්‍ය නිලධාරි ඇතුලු කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම සායනය මෙහෙය වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිනිය, කටුනායක රෝහල් අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල් ආර් ජයවීර,අක්ශි වෛද්‍ය උපදේශක දොස්තර සුජාත පතිරන, සේවා වනිතා ඒකකයේ සහකාර ලේකම් බලගන නායිකා තන්තිරිගේ,කටුනායක සිවිල් කාර්ය මන්ඩලයේ අධ්‍යක්ෂිකා බී වී මල්ලිකා මහත්මිය සායනයේ සමාරම්භක උත්සවය සදහා සහභාගි විය.

මෙම සායනය තුලින් උපැස් යුවල් භාවිතා කිරීමට නිර්දේෂ වූවන්ටසේවා වනිතා එකකය විසින් උපැස් යුවල් ප්‍රධනය කිරීමක් ද මෙහි දී සිදු විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.