ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය, මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනෙකු ආරක්ෂිතව මුදා ගනී.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් Mi-17 හෙලිකොප්ටරයක් මගින්, 2025 දෙසැම්බර් 31 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ  Obo ප්‍රදේශයේ සිට මධ්‍යම අප්‍රිකානු AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දැඩි තර්ජන එල්ලවී ඇති ප්‍රදේශයක් වන Bambouti  ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කඳවුරක්  (TOB) වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරන ලදී.
 
හෙලිකොප්ටර් යානය ගොඩ බෑම සිදුකල අවස්ථාවේදී AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමෙන් මෙම කඳවුරට  (TOB) සහ හෙලිකොප්ටර් යානයට එල්ල වූ ක්ෂණික තර්ජනය හේතුවෙන් කඳවුරේ ආරක්ෂාව යටතේ සිටි මධ්‍යම අප්‍රිකානු සොල්දාදුවන්  දහහතර (14) දෙනෙකුද නිරුපද්‍රිතව බේරාගෙන  Obo ප්‍රදේශයට ආරක්ෂිතව රැගෙන ඒන ලදී.

මෙම මෙහෙයුමේදි විංග් කමාන්ඩර් නුරාන් පෙරේරා ප්‍රධාන නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ෂෆ්රිඩ් ඉක්බාල් සහායක නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රවීන් රත්නායක පියාසර ඉංජිනේරු නිළධාරී ලෙස, සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ක්‍රියාකාරීව සහභාගී විය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.