ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර ඒකල

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඒකල කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය 2011 සැප්තැම්බර් මස 16 වන දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකල කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එල් ඩී ගුණවර්ධන අණදුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

මූලික සටන් පුහුණු පාඨමාලාවෙන් පසුව ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ උසස් හා මූලික වෘත්තීය පාඨමාලාවන් සිදුකරන උසස් හා තාක්ෂනික පුහුණු පාසල මෙහි ස්ථාපිත කර ඇති අතර ඔවුන්ගේ උසස් හා මූලික වෘත්තීය පාඨමාලාවන් උගත් දේ නිර්මනාත්මකව ඉදිර්පත් කල ව්‍යාපෘතීන් විශේෂ අවධානයකට ලක් විය.තවද මෙම සංචාරය සිහිවීම සදහා අභ පැලයක් ද උවන් හමුදාධි පති තුමන් විසින් රෝපනය කරන ලදී.

සියළුම නිලයන් අමතා සිදු කල දේෂනයේදී ගුවන් හමුදපති තුමන්ගේ පරීක්ෂනයට කදවුර සකස් කිරීම පිලිබදව ප්‍රසංසාව පල කල අතර පුහුනුවෙන් ලබන වෘතීය නිපුනත්වය වර්දනය කර ගනා ලෙසට අවධරනය කල සිටියහ. අධ්‍යාද්මික සංවර්දනයත් සමග ජීවිතය සමබරව පවත්වා ගෙන යාමේ වැදගත්කම පිලිබදව දේශනය අතර තුරදී ඉස්මතු කරන ලදී.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.