2025 වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී සාර්ථකව අවසන් වෙයි
2025 වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය (ARS–2025) අඛණ්ඩව දෙවන වරටත් 2026 ජනවාරි 26 වන දින ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී සාර්ථකව අවසන් විය. මෙම සම්මන්ත්‍රණය ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් වීරසිංහ මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස සහභාගී වූ අතර, සම්මන්ත්‍රණය අතරතුර විශේෂ දේශනයක්ද පවත්වන ලදී.
මෙවර සම්මන්ත්‍රණය සඳහා පර්යේෂණ පත්‍රිකා විස්සක් තේරී පත් වූ අතර, එයින් පත්‍රිකා හයක් අදාළ පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඇගයීමේ ක්‍රියාවලියෙන් අනතුරුව, ස්කොඩ්‍රන් ලීඩර් එල්කේඑම්කේබි අලවල මහතා විසින් ඉදිරිපත් කරන ලද “ගුවන් ආරක්ෂක අණ සහ පාලනයේ මානව–AI සහයෝගීතාවයේ උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම: ගුවන් හමුදා සංවර්ධනයේදී මිනිස්බල හිඟයට විසඳුමක්” යන මාතෘකාව යටතේ වූ පර්යේෂණ පත්‍රිකාව හොඳම පර්යේෂණ පත්‍රිකාව ලෙස තේරී පත් විය.
දෙවන ස්ථානය “ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණුව නැවත සිතා බැලීම – ස්නායු සංජානන සහ පරම්පරාගත තීක්ෂ්ණ බුද්ධිය හරහා නව පුහුණු ආදර්ශයක්” යන මාතෘකාව යටතේ ස්කොඩ්‍රන් ලීඩර් එම්.එස්. ඉක්බාල්, ස්කොඩ්‍රන් ලීඩර් එල්.ආර්. වීරසේකර සහ ස්කොඩ්‍රන් ලීඩර් ටී.ඒ.අයි.එම්. මායාදුන්න එක්ව ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවට හිමි විය.
තෙවන ස්ථානය “ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ධාවන පථ ආරක්ෂණ අධීක්ෂණ යාන්ත්‍රණවල කාර්යක්ෂමතාව ඇගයීම පිළිබඳ අධ්‍යයනයක්” යන මාතෘකාව යටතේ ස්කොඩ්‍රන් ලීඩර් සී.එන්. දෙවෙනිගුරුගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පිරිනමන ලදී.
මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්ද නිලධාරීන් සහ සාමාජිකයන් සහභාගී වීම විශේෂත්වයක් විය.