ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MA60 මගී ප්‍රවාහන ගුවන් යානා 02ක්

චීනය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අද දින (සැප්:30) MA60 මගී ප්‍රවාහන ගුවන් යාන දෙකක් භාර දෙන ලදි. මෙම ගුවන් යානා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති චාම් උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා චීන තානාපති කාර්‍යාලයේ පළමු ලේකම් වන වැන්ග් ජියැන් ෆෙන්ග් මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත භාර දෙන ලදි.

ටර්බෝ ප්‍රොප් වර්ගයේ එන්ජින් දෙකකින් සමන්විත MA60 මගී ප්‍රවාහන ගුවන් යානාවේ මගීන් 56 දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුවද ඇත. මෙම ගුවන් යානා දෙකම ගුවන් හමුදාව විසින් සිවිල් ගුවන් සේවාවේ ලියාපදිංචි කර ශ්‍රී ලංකාව තුල ගුවන් ගමන් කටයුතු කඩිනම්ව වර්ධනය කිරීමට ඉදිරියේදී දායක කරගනු ඇත. තවද ඔවුන් මෙම ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් අංශය මගීන් ශ්‍රී ලංකාව පුරා පුළුල්ව ව්‍යාප්ත කිරීම මගීන් කලාපීය වශයෙන් වඩා හොඳ ගුවන් සේවාවක් ලබා දීමද අරමුණු වී ඇත.

ගුවන් ගමන් සේවාවන්ට නවකයින් නොවන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියේදී කලාපීය ගුවන් ගමන් සේවාවේ වර්ධනය සඳහා ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුන දීමට සූදානමින් සිටී.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.