චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය 65 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය
2026 අප්‍රේල් 03 වන දින සිය 65 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.
මෙම සැමරුම් වැඩසටහන විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමල්
පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන
ලදී.
විද්‍යාපීඨ පෙළපාළි චතුරශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් සැමරුම් කටයුතු ආරම්භ කල අතර, එය අණදෙන නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. ඉන් අනතුරුව සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස විද්‍යාපීඨ ක්‍රීඩා පිටියේදී එල්ලේ තරඟාවලියක්ද සංවිධානය කරන ලදී.