ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නව භාරකාරත්වය ගුවන් හමුදාවට

කෙත්තාරමයේ පිහිටි ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේ පරිපාලන කටයුතු ඊයේ (01) රාජකාරී මට්ටමින් ගුවන් හමුදාව වෙත ක්‍රීඩා භූමි පරිස්‍රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලය වෙනුවෙන් විශ්‍රාමික ගුවන් කොමදෝරු අජිත් ජයසේකර මහතා විසින් ගුවන් හමුදා විධායක ක්‍රිඩා නිලදාරී ගුවන් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු හට නිල වශයෙන් පාලන කටයුතු භාර දෙන ලදී.

පවත්වාගෙන තත්වයට වඩා අවශ්‍ය ආරක්ෂාව හා නඩත්තු කටයුතු ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යාමට ගුවන් හමුදාව නිරන්තරයෙන් බැදී සිටී.

2012 අග භාගයේ පැවැත්වීමට නියමිත 20-20ලෝකකුසලානය සදහා ක්‍රීඩාංගනය නිසි ප්‍රමිති තත්වයේ පසුවෙනවාද යන්න සොය බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ද පැමින සිටින ආකාරය ද මේ අතර තුර දක්නට ලැබුනි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.