ජාතික ජල පන්දු පිරිමි ශූරතාවලිය ගුවන් හමුදාවට

පසුගියදා (02) නාරාහේන්පිට පොලිස් පිහිනුම් තටාකායේදී අවසන් වූ ජාතික ජල පන්දු ශුරාතාවලිය 2011 හි පිරිමි අංශයේ ශූරත්හවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ජල පන්දු ක්‍රීකකයින් සමත් විය.මෙහි කාන්තා අන්ශයේ  අනුශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ජල පන්දු ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කල මෙම තරගාවලිය සදා වැඩිම කණ්ඩායම් ප්‍රමානයක් සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම තවත් සුවිසේෂත්වයකි.මෙම ජයග්‍රහනය ගුවන් හමුදාවට ඉතාමත් වැදගත් වන අතර ගුවන් හමුදා ජල පන්දු ක්‍රීඩකයන් විසින් ජාතික මට්ටමේ ශූරතාවලියක් දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ගුවන් හමුදා කණ්ඩායම ද ඇතුළුව කණ්ඩායම් 09 පිරිමි කාන්ඩයේ තරග වැදුනු තර අ අතර යුද, නාවික, පොලිස්, එස් එස් සී, රාජකීය විද්‍යාලය හා අනන්ද විද්‍යාලය ප්‍රධාන තැනක් ගනී.අවසන් මහා තරගය සදා ප්‍රබල අභියෝගයක් එල්ල කල නාවික හමුදා කණ්ඩායම ලකුණු තත්වය 09-08 තිබියදී පරාජයට පත් කරමින් තියුනු ජයග්‍රහනයක් ගුවන් හමුදා ක්‍රීඩකයින් සතු විය.

කාන්තා අංශය සදහා කණ්ඩායම් 06 සහභාගි වූඅතර අවසන් මහා තරගයේදී ලකුණු තත්වය 08-06 ලෙස බිශොප් විද්‍යාලයීය ක්‍රීඩිකාවන් හම්,උවේ ගුවන් හම්,උදා ක්‍රීඩිකාවන් පරාජයට පත් විය. මේ අනුව කාන්තා අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදා කණ්ඩායම සතු විය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.