40 වෙනි ඉන්දීය යුධ හමුදා උසස් අණදෙන පාඨමාලාව ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

40 වෙනි ඉන්දීය යුධ හමුදා උසස් අණදෙන පාඨමාලාව පසුගියදා (ඔක්තොම්බර් 29) ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි. එම කණ්ඩායමේ ජෙයෂ්ඨ අධ්‍යක්ෂ නිළධාරී ලෙස මෙරටට පැමිණියේ ඉන්දීය ගුවන් හමුදාවේ, එයාර් කොමඩෝර් පී.ආර්.නවල්කාර් වන අතර එම කණ්ඩායමට ඉන්දීය යුධ හමුදාවේ නිළධාරීන් 15 දෙනෙක් සහ ඉන්දීය ගුවන් හමුදාවේ නිළධාරීවරයෙක් ඇතුලත් වේ. මෙම සංචාරය වාර්ෂිකව සිදුකරනු ලබන අතර මෙම වසරේ සංචාරය මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

මෙම පාඨමාලාවේ කොටසක් ලෙස පාඨමාලා හදාරන්නන් සහ උපදේශකවරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නොවැම්බර් මස 02 වන දින නියැලෙන ලදි. මෙම සංචාරයේදී ඔවුන්, ඉන්දියානු ආරක්ෂක උප තානාපතිවරයා සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවන ලදි

ඉන් අනතුරුව මූලස්ථාන ශ්‍රවණාගාරයේදී උපදේශණ හමුවක් පැවත්වුනු අතර එය මෙහෙයවන ලද්දේ ගෘප් කැප්ටන් එච්.එස්.එස්.තුයියකොන්තා විසිනි. මෙහිදී ගුවන් හමුදාවේ ඉතිහාසය, හැකියාවන්, ලබා ගත් ජයග්‍රහණයන් සහ අනාගත අභියෝගයන් ගැන එකිනෙක විස්ලේෂණය කරන ලද්දේ "ප්‍රශ්ණ සහ පිළිතුරු" සැසියක් ඇසුරිනි.

ඉන් අනතුරුව සියළුම දෙනා හට ගුවන් හමුදා මූලස්ථාන නිළධාරී නිවස්නයේදී දිවා ආහාරය ලබාදෙන ලදි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.