ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ ගිනි නිවිමේ අංශයෙ සමාජිකයින් හිගුරක්ගොඩ මහා ව්‍යසනය පාලනය කරයි

හිගුරක්ගොඩ නගර මධ්‍යයේ පිහිටි තට්ටු කිහිපයකින් යුත් ගොනැගිල්ලේ දම්රො ආයතනය තුල 2011 නොවැම්බර් මස 18 දින 1530 පැයට පමණ ඇතිවු ගින්න ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික  කදවුරේ ගිනි නිවිමේ අංශය මගින් සාර්ථක ලෙස මැඩ පවත් වන ලදී.

මෙහිදි ගිනි නිවීමේ රථ හා නිලධාරීන්  හැසිරවීම  අධ්‍යෂක ගුවන් මෙහෙයුම් ජි පි බුලත් සිංහල නිලධාරී තුමන්ගෙ මනා උපදේශකත්වය හා අධීක්ෂණය යටතේ සිදු විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික  කදවුරේ වැඩ බලන අණදෙන නිලධාරි විං ක්මාන්ඩර් කේ එස් එන් පෙරේරා නිලධාරී තුමන්ගෙ ප‍්‍රධානත්වයෙන්  ස්කොඩ්රන් ලිඩර් යු රාජපතිරණ,බලපංති සැරයන් ගුනතිලක එ ජී එස් එල් හා ගිනි නිවිමේ අංශයෙ සමාජිකයින්ගෙ මහත් කැපවීම හා උනන්දුව නිසා සිදුවීමට ගිය මහා වියසනය පාලනය කිරීමට හැකිවිය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.