ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි භෂා දිනය 2011

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ශික ඉංග්‍රීසි භාෂා දිනය මෙවරත් ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කදවුරේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

ජාත්යන්තර භෂාව ලෙස ලොව පුරා ප්‍රචලිත ඉංග්‍රීසි භාෂාව, තාක්ෂණයේ දියුණුවත් සමගම ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේද ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුනින් සෑම වර්ෂයකම ඒකල ගුවන් හමුදා කදවුරේ ඉතා සංවිධානාත්මකව පවත්වනු ලබයි.

නාට්‍යය, ගද්‍යය, පද්‍යය රචනා, කථික, විවාද සහ නොයෙකුත් අංශයන් යටතේ මෙම තරග පැවැත්වූ අතර නොවැම්බර් 15 වන දින අවසන් තරග පවත්වා ජයග්‍රහකයන් තෝරා ගන්නා ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත් හා එම මැතිනියන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්තාවට සහභාගි වූ අතර කදවුරු අණ දෙන නිළධාරි ගෲප් කැප්ටන් ලක්සිරි ගුණවර්ධන මහතා විසින් ඔවුන්ව පිළිගන්නා ලදී.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.