ගුවන් හමුදා රත්මලාන කදවුරේ පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2011

ගුවන් හමුදා රත්මලාන කදවුරේ සේවය කරන ගුවන් හමුදා සිවිල් හා සේවා පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2011 නොවැම්බර් මස 22 වන දින දෙහිවල එස් ඩි එස් ජයසිංහ ශාලාවෙ‘දි උත්සවාකාරයෙන් නිම විය.

ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි නිලීකා අබෙවික‍්‍රම මැතිනිය ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී විය. කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන අතර  උගත් දේ ක්‍රියාවට නංවමින් අවසන් අධ්‍යාපනික ප්‍රසංගය පෙර පාසල් දරුවන් 80 දෙනෙකුගෙ  සහභාගීත්වයෙන් එලි දක්වන ලදී.මේ සදහා නැටුම්, ගැයුම්, වැයුම්, සරබ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.

 උත්සවයේ පොල්තෙල් පහන ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි නිලීකා අබෙවික‍්‍රම මැතිනිය විසින් දැල්වු අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු ඩි එල් එස් ඩයස් මහතා සහ එම මහත් මිය,විංග් කමාන්ඩර් අනුෂා හෙවාගම සහ පෙර පාසල භාර නිලධාරනි ස්කොඩීරන් ලිඩර් මොනිකා වර්ශකෝන්,පෙර පාසලේ ප‍්‍රධාන අචාරිනි බිෂේකා තිබිබටුමුණුවෙ මහත් මිය ඇතුලු සමිභාවනීය අමුත්තන් පිරිසක් සහ දරුවන්ගෙ දෙමාපියන්ගෙ සහහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත් විය. නිලධාරීන්ද මේ අවස්ථාවට එක්විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.