චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී තවත් සමාජ සත්කාරයක්

චීනවරාය ගුවන් හමුදා කඳවුරේදී පසුගියදා (දෙසැම්බර් 02) තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසින් අඩු පහසුකම් සහිත පාසල් සිසු සිසුවියන් හට පාසල් උපකරණ බෙදා දෙනලදි.

මෙම සමාජ සත්කාරක වැඩමුලුව පවත්වන ලද්දේ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති වන ගෲප් කැප්ටන් පී. රණසිංහ මහතාගේ ඉල්ලීමකට වන අතර මේ සඳහා මග පෙන්වීම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නීලිකා අබේවික්‍රම මහත්මිය විසිනි.

මේ යටතේ අඩු පහසුකම් සහිත, විවිධ දුෂ්කරතා ඇති පාසල් 03 ක සිසු සිසුවියන් 110 දෙනෙකු සඳහා පාසල් උපකරණ පිරිණමන ලදි. ඒ අනුව සිද්ධාර්ථ විද්‍යාලය, අල් මදීනා විද්‍යාලය සහ ෆුරුකන් විද්‍යාලය යන පාසල් තුනේ සිසු සිසුවියනට පාසල් උපකරණ ලබාදුන් අතර ශබ්ධ විකාශන උපකරණ කට්ටලයක්ද සිද්ධාර්ථ විද්‍යාලය වෙත ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නීලිකා අබේව්ක්‍රම මැතිනිය සහ සේවා වනිතා ඒකකයේ සහකාර සම්බන්ධීකාරක බළඝණ නායක කේ.ජී. දසනායක ඇතුළුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක්ද මේ සඳහා සහභාගී වන ලදි. තවද චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති වන ගෘප් කැප්ටන් පී. රණසිංහ සහ එම විද්‍යාපීඨයේ නිළධාරීහු රැසක්ද මෙම සමාජ සත්කරය සඳහා සහභාගී වන ලදි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.