චීන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මූලස්තානයේ සංචාරයක

මහජන චීන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මා ෂියෝතියන් හා ගුවන් හමුදාධිපති එයාර් මර්ෂල් හර්ෂ අබේවික්‍රම අතර සුහද හමුවක් ඊයේ උදැසන (දෙසැම්බර් 13) ගුවන් හමුදා මූලස්ථානයේදි දින සිදුවිය.

ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා මහජන චීන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මා ෂියෝතියන් දෙදනා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවශ්‍ය සැම මොහොතකදීම ලද උපකාරයන් පිළිබදව ප්‍රසංසාත්මක කතා බහක යෙදුනු අතර දෙරටේ සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග වැදගත් කරැණු රැසක් පිළිබදව සාකච්ඡා කරන ලදි.

මෙහිදී චීන හමුදා ප්‍රධානියා සමග සත් පිරිසකගෙන් යුත් දූත පිරිසක් ද පැමිණි අතර මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාධිපති තුමන් ද මේ අවස්ථාවට එක් විය.එසේම මෙම හමුව සිහිපත් විම පිණිස දෙදෙනා අතර  සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.  





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.