ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් නත්තලට අරුතක්....

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාසේවා වනිතා ඒකකය මෙවර නත්තල මුල්ලේරියාව මානසික රෝහලේ අංක 03 වාට්ටුවේ මානසික අබාධයන්ට ලක්ව පූතිකාර ලබන රෝගීන් හමුවී සමරන ලදී. සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මැතිණියගේ සංකල්පයක් අනුව මෙවර නත්තල වෙනස් වූ ආකාරයකින් සැමරීමට මෙය අවස්ථාවක් කරගත් අතර එහිදී මානසික ආබාධයන්ට ලක්ව ප‍්‍රතිකාර ලබන රෝගී කාන්තාවන් වෙනුවෙන් තැගී භෝග රැගෙන පසුගියදෙසැම්බර් මස 23 වන දින උදෑසනම මුල්ලේරියාව රෝහල කරා ගියහ.

තෑගි භෝග බෙදා දීමෙන් අනතුරුව සිසිල් පැන් පානයක්ද ලබා දුන් අතර දහවල ආහාරයද ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ලබා දෙන ලදී. එසේම ගුවන් හමුදා සංගීත කණ්ඩායම මෙම අවස්ථාව සංගීතවත් කරන ලදී. මෙම අවස්ථාව රෝගීහු ඉමහත් වූ සතුටක් ලැබූ බැව් නොරහසක් වූ යේ ඔවුන් මේ සියල්ලටම දැක්වූ ප‍්‍රතිචාර මගිනි. සංගීයට අනුව නටමින් ඔවුහු මහත් විනෝදයක් ලැබූහ. එසේම මානසික රෝහලේ සේවක මණ්ඩලයටද මෙම අවස්ථාව ආස්වාදයක් ගෙන දෙන ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.