අන්තර් ඒකක බොක්සිං ශූරතාවය 2012

මාර්තු මස 21 සිට 23 දක්වා කටුනායක ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පවත්වන ලද අන්තර් ඒකක බොක්සිං තරඟාවළියේ ශූරතාවය දින ගැනීමට පලාලි ගුවන් හමුදා කඳවුර සමත් විය.

මෙහිදී පලාලි ගුවන් හමුදා කඳවුර ප්‍රසාද ලකුණු 17 ලබා ගත් අතර ප්‍රසාද ලකුණු 15 ක් ලබා ගනිමින් කටුනායක රෙජිමේන්තුව  අනුශූරතාවය දිනාගන්නා ලදී.

මෙහිදී දක්ෂතම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට දිනේෂ් බණ්ඩාර හිමි වුණු අතර දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය ගුවන් හමුදා පලාලි කදවුරේ ගුවන් භට උදය කුමාර හට හිමි විය.

තරඟාවළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇමේචර් බොක්සිං සංගමයේ සභාපති ඒ පීරීස් මහතා සහභාගී වූ අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් කොමොඩෝර් ලාල් පෙරෙරරා, කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සී ආර් ගුරුසින්ඃඅ යන නිළධාරීන්ද සහභාගී විය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.