'සිරි ලිය වරුන'

ලෝක කාන්තා දිනය සමරීම වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් "සිරි ලිය වරුණ" නම් වූ කාන්තා වැඩසටහනක් ගුවන් හමුදා කටුනායක කදවුරු පරිශ්‍රයේ ස්ථාපිත"ඇස්ට්‍රා" ශාලාවේදී 2012 මාර්තු මස 17 වන දින පැවැත් වින.

මෙම උත්සවය සදහ ගුවන් හමුදා සේවා වනිතා ඒක්කයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිනිය සහභාගි වූ අතර ගුවන් හමුදා සියළුම නිලයන්ගේ භාර්යාවන් හා ගුවන් කාන්තාවන් මෙම වැඩසටහනට සහභාගි විය.

දිනය පුරාවට පැවති මෙම වැඩසටහන අතර තුර ගැබිනි මවුවරුන් සදහා ත්‍යාග පාර්සල් ද,රෙදි මහන යන්ත්‍ර ප්‍රධානය කරන ලදී., තවද විලාසිතා හා රූපලාවන්‍ය වැඩ්සටහනක් "නයනා" සැලූන් හී අධිපති නයනා කරුණාරත්න මහත්මිය විසින් පවත්වන ලදී. තවද ඉවුම් පිහුම් පිළිබදව වටිනා වැඩසටහනක් අමාලිනී ගුනසිංහ මහත් මිය ඉදිරිපත් කරන ලදී.

පවුල් සංවිධානය හා පවුල් සම්බන්ද අගනා දේශනයක් හා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් අචාර්ය නිරෝශ් මෙන්ඩිස් විසින් සිදුකල අතර මේ අවස්තාවට සහභාගී වූ කාන්තාවන් ඉදිරිපත් කල ගැයුම්, වැයුම්, රැගුම්හා විලාසිතා දැක්ම කාගේත් සිත් දින්න ගැනීමට සමත් විය.






  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.