'ගුවන් මියැසිය'

සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ගුවන් හමුදා දියතලාව කදවුර විසින් සංවිධානය කරන ලද "ගුවන් මියැසිය " සංගීතමය රාත්‍රිය දහස් ගනන් ප්‍රේක්ෂක ප්‍රතිචාර මද්‍යයේ දියතලාව මුතු කුමරු ක්‍රීඩාංගනයේදී පසුගියදා(අප්‍රේල් 05)  නිමාවට පත් විය.

මෙම සංගීත සංද්‍යාව දියතලාව කදවුරු අනදෙන නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව දියතලාවකදවුරු සේවා පුද්ගලයෙන්ගේ නොමද සහය ඇතිව සංවිධානය කරන ලදී.

මෙම සංගීත සදැව වර්ණවත් කිරීමසදා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි විය මේඅතර භාතිය සංතුශ්, උමාරා, වෙරලියද්ද, ලක්ෂ්මන් හිල්මි, දීපාල් සිල්වා යන අයද සහභාගි විය.

පසුගිය යුද මයවාතාවරනය හමුවේ මෙවැනි ප්‍රාසාංගික අත්දැකීමක් විද ගැනීමට එතරම් අවස්තාවන් නොලැබුනු දියතලාව, බදුල්ල ප්‍රදේශ වාසීන්ගෙන් "මුතු කුමරු" ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගිය තර මේ සදහා සන්ගිතයෙන් සෙන්ටිග්‍රේඩ්ස් හා සන් ශයින් වාදක මඩුල්ල දායක වූ අතර, නර්තනයෙන් ගුවන් හමුදා නර්තන කණ්ඩායම හා "රන්ගනාවෝ" නර්තන කණ්ඩායම සහභාගි විය.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.