ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ දස්කම්..

ගුවන් හමුදා දෙවන පෙළ කණ්ඩායම ඊයේ (28) පැවති මංචී දෙවන පෙළ ජාතික ශූරතාව ජය ගැනීමට සමත් විය.සීදූව දවිසමර ක්‍රීඩා පිටියේ යුධ හමුදා කණ්ඩායමට එරිහිව  පැවති මෙම තරගයෙන් (17-25),(25-23),(23-25),(25-14),(15-13) ලෙස තියුණු ජයක් ලැබීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය.ජාතික ශූරතා තරගාවලියට පසු ලංකාවේ හොදම තරගාවලිය වන මංචී දෙවන පෙළ ජාතික ශූරතාවලිය ගුවන් හමුදා දෙවන පෙළ කණ්ඩායම ගැනීම ගුවන් හමුදාවේ වොලිබෝල් අනාගතය මෙයින් මොනවට පැහදිලි වෙයි.

ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අරාජිතව පෙරමුණේ සිටින ගුවන් හමුදා පළමු පෙළ කණ්ඩායම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (01) පැවති සුපිරි හය වටයේ තරගයකදී ශ්‍රී ලංකා වරාය අදිකාධි කණ්ඩායම (25-23), (25-18), (18-25),(25-22) ලෙස පරාජය කරමින් 13 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයට
සුදුසුකම් ලැබීමට සමත් විය.ගුවන් හමුදා කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම සමග හෙට (02) තවත් තරගයක් පවත්වනු ලබයි.


Airmen Continue the Winning Habit Volley BallAirmen Continue the Winning Habit Volley BallAirmen Continue the Winning Habit Volley BallAirmen Continue the Winning Habit Volley Ball



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.