145 වෙනි සහ 147 වෙනි සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පී මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි...

145 වෙනි සහ 147 වෙනි සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පී මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව පසුගියදා (අප්‍රේල් 20) ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාව සඳහා එහි අණදෙන නිළධාරී, ගෲප් කැප්ටන් එල්. ඩී. ගුණවර්ධන සහ වෘත්තීය පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු, වින්ග් කමාන්ඩර් සී. ජේ. හෙට්ටිආරච්චි සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙසින්, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂතුමන් නියෝජනය කරමින් මාණ්ඩලික නිළධාරී සාමාන්‍ය ඉංජිනේරු ii,බළගණ නායක ආර්. පෙරේරා මහතා සහභාගී විය.

මෙම සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පී මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව ආරම්භ වූයේ 2011 මැයි මස 30 වන දින  වන අතර  2012 අප්‍රේල් මස 20 වන දින අවසන් විය. මාස 10 කට වැඩි සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරුවන් 11 දෙනෙකු මේ ලෙස සාර්ථකව පාඨමාලාව නිම කරන ලදි.

මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ පිරිණමන ලද්දේ 41354 ගුවන් භට කලුබෝවිල ඩී.සී.එස් වෙතයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.