පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල දූත පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක...

පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දූත පිරිසක් නොබෝදා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරත විය. 18 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිසෙහි මූලිකත්වය දරන ලද්දේ පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි, සන්නාහ සන්නද්ධ යුධ බලකා විද්‍යාලයේ මාණ්ඩලික අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අක්තාර් ජමීල් රාඕ මහතාය. මෙම දූත පිරිස මාණ්ඩලික අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුගෙන්ද, පාකිස්ථාන යුධ හමුදාවේ සහ නාවුක හමුදාවේ නිළධාරීන් නවදෙනෙකුගෙන්ද, ජර්මානු සහ මැලේසියානු නාවික හමුදාවේ නිළධාරීන් එක් අයෙකු බැගින්ද, නයිජීරියානු සහ තුර්කි යුධ හමුදාවේ නිළධාරීන් එක් අයෙකු බැගින් සහ සාමාන්‍ය ශිෂ්‍යන් දෙදෙනෙකුගෙන්ද සමන්විත වී තිබුනි.

මෙම දූත පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිනි අවස්ථාවේ ඔවුන් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසිනි. අනතුරුව ගුවන් හමුදා ජෙයෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගුවන් මෙහෙයුම්, ගෲප් කැප්ටන් රවින්ද්‍ර ලියනගමගේ විසින් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී 'ප්‍රශ්න හා පිළිතුරු' ඇසුරෙන් සංවාදයක් පවත්වනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, හැකියාවන්, ලබාගත් ජයග්‍රහණ හා අනාගත අභියෝගයන් පිළිබඳව සාකඡ්චා කරන ලදි.

සංවාදය අවසානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ එම දූත පිරිස අතර සිහිවටන හිවමාරුව සිදුකිරීමෙන් අනතුරුව දහවල් ආහාරය සඳහා ගුවන් හමුදා මූලස්ථාන නිළධාරී භෝජනාගාරය වෙත පිටත්ව යන ලදි.


   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.