ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ වාර්ෂික පරීක්ෂණය 2012

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ජූලි මස 05 වන දින ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් එස් කේ පතිරන මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරු පරිෂ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.

කදවුරු පරිශ්‍රයම ආවරනය වන පරිදි ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ශනය පැවැත් වූ අතර ,මෙම පරීක්ෂණය අතරතුරේදී "ලොග් කැබින්" නිලධාරි නිවාඩු නිකෙතනය හා "කැෆේ සුපර්සොනික්" අවන්හලද ගුවන් හමුදාපතිතුමා විසින් විවෘත කරන ලදී.

ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුල කල විෂිශ්ඨ සේවාව අගයමින් 09283 බලපන්ති සැරයන් වන්නිආරච්චි ඩබ්. කේ , 09637 බලපන්ති සැරයන් අජන්ත ගමිනි ඒ ඒ ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

කඳවුරේ සියලු නිළයන්ගේ සහභාගිත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් හා ගුවන් හමුදාපතිතුමාගේ විශේෂ කථාවක්ද පැවැත්විණි.  



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.