කටුනායක සේවා වනිතා ඒකකයේ වාර්ශික කේක් නිර්මාණ තරගාවලිය සාර්ථකව නිමවේ

කටුනායක කදවුරු සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උපන්දින කේක් ඇතුලු විවිධ කේක් වර්ග වලින් සමන්විත ප්‍රදර්ශනයක් පසුගියදා (12 ජූලී)ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් කටුනායක කදවුරු පරිශ්‍රයේදී පැවැත් වින.

ගුවන් හමුදා කටුනායක සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් උදෙසා පවත් වන ලද පාඨමාලාවේ සාමාජිකාවන් මෙම ප්‍රදර්ශනය සදහා නිර්මාණ ඉදිරිපත් කල අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාදිත අමුත්තා ලෙස සහභාගි වූ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය, කටුනායක කදවුරු සේවා වනිතා ඒකක්යේ සභාපතීනි ප්‍රභාවි ඩයස් මහත් මිය, ගුවන් හමුදා බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශානිකා ප්‍රනාන්දු මහත් මිය හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සූප වේදී වීරසිංහ මහතා මෙහි විනිශ්චය මඩුල්ල ලෙස කටයුතු කරන ලදී.

ජයග්‍රාහිකාවන් සදහා වටිනා ත්‍යාග හා සහතික පත් ප්‍රධානය කල අතර මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සදහා "මල්කි කේක් ඇකඩමි" හි අධ්‍යක්ශිකා  වන මල්කාන්ති මහත් මියගේ පුර්ණ දායකත්වය ලබ දිම් විශේෂත්වයකි.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.