ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ වාර්ෂික පරීක්ෂණය

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ජූලී 13 සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් එම්. එච්. සී. රූපසිංහ ආචාර මුර පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමා කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා අලුතෙන් ඉදිකරන ලද කදවුරු ප්‍රවේශ දොරටුව විවෘත කරන ලදී.තවද අවසාන වශයෙන් ගුවන් හමුදාපතිතුමා සියළුම නිළයන් අමතා කදවුර වෙනුවෙන් ඔවුන් සිදුකල විශිෂ්ඨ සේවය අගය කරමින් විශේෂ දේශනයක්ද පැවැත්විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.