රුසියානු නිල සංචාරය නිමා කල ගුවන් හමුදාධීපති ඇතුලූ පිරිස දිවයිනට ලගාවේ

දින පහක නිල සංචාරයක නිරත වු ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මිට සුලූ මොහොතකට ප්‍රථම දිවයිනට ලගා වන ලදී. රුසියානු ගුවන් හමුදා සියවස් පුර්ණය නිමිත්තෙන් රුසියානු ගුවන් හමුදාධිපති තුමන්ගේ ආරාධනයට අනුව 2012 අගෝස්තු මස 09 වන දින සිට 2012 අගෝස්තු මස 13 වන දින දක්වා මෙම නිල සංචාරය සදහා සහභාගි විය. "ෂෙයාර්ඩි ස්කයි" නම් වු අන්තර්ජාතික යුධ ආදර්ශනික සම්මේලනයට ද මෙම සංචාරය අතරතුරදි සහභාගි විය. මෙම සමුˆව සදහා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය හා විවිධ රටවල් නියෝජනය කරමින් ගුවන් හමුදාපතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.

තවද මෙම සංචාරය අතරතුරදි රුසියානු ගුවන් හමුදාධිපති කර්නල්-ජෙනරාල් වික්ටර් බොන්ඩරෝව් අතර අනෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිම සදහා ද්විපාර්ශවික සාකච්ඡාවන්්ද පැවැත් වු අතර මෙම සුහද හමුව සංකේතවත් කිරීම සදහා සමරු පලක හුවමාරුවක්ද සිදු කරන ලදි.

මෙම සංචාරය සදහා එයාර් කොමඩෝර් සුදර්ශන පතිරන හා විංග් කමාන්ඩර් හියුමාල් ධර්මදාස යන මහත්වරුන්ද සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.