51 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි

චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් පසුගිය සැප්තැම්බර් මස 14 වන දින විසිර ගියහ.රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 90 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 41 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 45,යුද හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 02,දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.
 
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා විධායජ්ක බුද්ධි අංශ නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොය්සා සහභාගි විය.
 
සති එකලොහක කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ
විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගිය අතර මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස .මෝටර් රථ යාන්ත්‍රන  වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් ගුනසේකර කේ කේ එම් සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගුවන් යානා ඉ\ගීඅරු වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් උපුල් ගී ඩබ්. ජී  සම්මාන ලැබීය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.