ජනාධිපතිතුමන් මඩකලපුවේ ගුවන්සේවා පුලුල් කරයි

ගරු ජනාධිපත මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් මඩුකලපුව ගුවන් හමුදා කඳවුරේ අභිනව ගුවන් ධාවන පථය, ගුවන් යානා අංගනය හා පර්යන්ත ගෙඩනැගිල්ල සඳහා පසුගිය සැප්තැම්බර් මස 03 වන දින මුල්ගල තබන ලදී.

මෙම ගුවන් පථය, ගුවන් යානා අංගනය හා පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සුවිශේෂී අවස්ථාවකි. සිවිල් ගුවන් සේවා අධීකාරියේ අනුමැතිය ලත් මෙම ගුවන් ධ-ාවන පථය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කිරීමට සැලසුම් කරරනු ලබයි.

සර්ව ආගමික පපූජකතුමන්ලා විසින් ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව මෙම මුල්ගල තැබීමේ කටයුතු සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රීයංකර ජයරත්නජයරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු , ගුවන් හමුදාපති අඑයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රමම, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජෙනරාල් රොහාන් දළුවත්ත, ඇතුලූ විශේෂ ආරාධීත අමුත්තන් 400 කගේ පමණ සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.