පියාසර පුහුණු පක්ෂාංගය 61 වන සංවත්සරය සමරයි

අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය තම 61 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 01වන දින චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සමරන ලදී.

61 වන සංවත්සරයට සමගාමීව කදවුර ආසන්නයේ ඇති රේවත ළමා නිවාසයේ දරුවන් හට දිවා ආහාරය හා ත්‍යාග පාර්සල් ද බෙදා දුන් අතර, අනතුරුව එම ලමා නිවාසය වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ද පියාසර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පිරිනමන ලදී.තවද සන්ද්‍යාවේදී පක්ෂාංගයේ සේවයෙ නියුතු අය උදෙසා සෙත් පතා බෝධි පූජාවක් ද පැවැත් වින.

සංවත්සර දින වැඩ පෙළපාලියක් පැවැත්වූ අතර සියලුදෙනාගේම සහභාගීත්වයෙන් කිකට් තරගාවලියකට ද සහභාගි වූ අතර මේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස චීන වරාය විද්‍යාපීඨ කදවුරේ අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරන සහභාගි විය.

මෙම සංවත්සර කටයුතු වලට වැඩ බලන පීධාධිපති ගෲප් කැප්ටන් ප්‍රසන්න රණසිංහ, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.