2012 අන්තර් ඒකක බාස්කට් බෝල්

2012 අන්තර් ඒකක බාස්කට් බෝල් කාන්තා සහ පිරිමි අංශ දෙකේම ශූරතාවය දිනා ගැනීමසට ගුවන් හමුදා කොළඹ කඳවුර පසුගියදා සමත්කම් දක්වන ලදී. 2012 සැප්තැම්බර් මස 10 වන දින සිට 14 වන දින දක්වා පුරා දින පහක් මුළුල්ලේ තුම්මුල්ල ක‍්‍රීඩා සංකීර්ණයේදී තරඟාවළිය පවත්වන ලදී..

පිරිමි අවසන් මහා තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් කටුනායක කාර්මික පක්‍ෂාංග කණ්ඩායම 64-56 ක් ලෙස පරාජයට පත් කරමින් ශූරතාවයට හිමිකම් කියන ලද අතර කාන්තා අංශයේ අවසන් මහා තරඟයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් 52-42 ක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර පරාජයට පත් කරමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

මෙහිදී කොළඹ කඳවුරේ නායක ගුවන් භට දොඩන්ගොඩ සහ නායක ගුවන් කාන්තා පෙරේරා පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයේ දක්‍ෂතමතම ප‍්‍රහාරාත්මක ක‍්‍රීඩකයය සහ ක‍්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබූ අතර කටුනායක කාර්මික පක්‍ෂාංගයේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෙරේරා සහ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාාන්තා ප‍්‍රනාන්දු  පිළිවෙලින් දක්‍ෂතම ආරක්‍ෂක ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමොඩෝර් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු ප‍්‍ර(ධාන ආරාධිත අමුත්තා ෙලෙස සහභාගී වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බාස්කට් බෝල් සංචිතයේ සභාපති ගෘප් කැප්ටන් අමරකෝන් ඇතුළු ගුවන් හමුදා උසස් නිළධාරීහු රැුසක් සහ ගුවන් හමුදා සෙසු නිළයනන් රැුසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.