2011 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීම

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්, 2011 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔත්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රධානය කරමින් ගෞරව දැක්වීමේ උළෙලක් අද (2012 සැප්තැම්බර් මස 21) දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විය.

එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හි අධ්‍යක‍ෂ මණ්ඩල මගින් සිදු කල අධීක්ෂණයන් යටතේ, පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී. ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිෙවිදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වුවන් ෙමි සඳහා තෝරා ගන්නා ලදී.

ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා, වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහාද සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කරනු ලබයි.මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප්‍රධාන කමිටුවක් මගිනි.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර්  ජේ.පී වනිගතුංග මහතා විසින් පිළිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාධිපති තුමන් ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගන්නා ලදී. සම්මාන ප්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති තුමන් උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි. 

මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස්, සංවිධායක කමිටු සභාපති එයාර් කොමඩෝර් ජේ.පී වනිගතුංග මෙම අවස්ථාවට සහභාගී විය.

එසේම තම වෘත්තීන් හි දක්ෂතා දැක්වු ගුවන් භටයින්ටද මෙහිදී සම්මාන පිරිනැමිණි.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා
බලපන්ති සැරයන් බොතේජු එස් ඒ - විදුලිකාර්මික ශිල්පී

උපකාරක වෘත්තීන් හි හොඳම ගුවන් භටයා
බලපන්ති සැරයන් චන්ද්‍රසේකර එස් ඒ ටි අයි - පරිඝණක තාක්ෂන ශිල්පී

මෙහෙයුමි භූමි වෘත්තිය
සැරයන් පෙරේරා එච් කේ ආර් ටී - මෙහෙයුමි භූමි

වෛද්‍යය හා දන්ත සේවා
බඵපක් නිපධාරි සිල්වා එච් ඩ්බ් සී කේ
 
පරිපාලන
ප්‍රධාන බළලත් නිලධාරි වලිගසේකර - ලිපිකරු පොදු රාජකාරි
 
සැපයුම්
බළලත් නිලධාරි ලෙනෝරා පී ඒ ආර - සලාක සහායක
 
සිවිල් ඉංජිනේරු
බලපන්ති සැරයන් බොතේජු එස් ඒ - විදුලිකාර්මික ශිල්පී
 
විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු අංශය
සැරයන් වික්‍රමසිංහ එල් එම් සී පී - විදුලි සන්දේශ කාර්මික
 
සාමාන්‍යය ඉංජිනේරු
බලපන්ති සැරයන් අඛෙසේකර එස් පී එස් - වැද්දුම් කරු
 
ගුවන් යාන ඉංජිනේරු
බලපන්ති සැරයන් ද සිල්වා - ගුවන් යාන ඉංජිනේරු
 
හොඳම සංවර්ධන පර්යේෂණ කණ්ඩායම
විංග් කමාන්ඩර් එම් පී ඒ මහවත්තගේ  කාර්මික ඉංජිනේරු
ස්කොඩ්‍රන් ලීඩර් එල් එම් සී බී නිස්සංක-  කාර්මික ඉංජිනේරු
බළලත් නිලධාරි පාලිතරත්න - ගගන ඉංජිනේරු
සැරයන් අමරසේකර ආර් පී ඩී ඩබ් පී ඩී - ගගන ඉංජිනේරු
සැරයන් කොල්ගල්ල ජී ජී එම් ඩ්බි බී - ගගන ඉංජිනේරු


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.