ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 08 09 සහ 10 කොළඹින් ඇරඹේ...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 59 වසරක් පිරීම සනිටුහන් කරමින් එෆ් එම් දෙරණ නාලිකාව සමග එක්ව 11 වන වරටත් සංවිධානය කර ඇති ගුවන් හමුදා පාපැදි සවාරිය 2010 පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමක් 2010 මාර්තු මස 04 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එන් එච් ගුණරත්න මහතා කියා සිටියේ 2010 මාර්තු මස 08 වන දින උදැසන 0730යේ පැයට ගුවන් හමුදා මූලස්ථානයෙන් තරගය ආරම්භ කර නාරම්මල හරහා පුත්තලම පාලවිය ගුවන් හමුදා මංසන්දියෙන් තරගය අවසන් වන අතර මාර්තු මස 09 වන දින පුත්තලම හිංදු මහා විද‍යාලය අසලින් තරගය ආරම්භ කර මහනුවර සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් තරගය අවසන් වන අතර මාර්තු මස 10 වන දින  මහනුවර සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් තරගය ආරම්භ කර දඹුල්ල , කැකිරාව, හරහා අනුරාධපුර සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටින් තරගය අවසන් වන බවයි. එසේම මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග  පිරිනමන බවත් දන්වා සිටින ලදී.

ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවර සිංගර් (ශ්‍රී ලංකා) ආයතනය පූර්ණ අනුග්‍රහය දක්වන අතර සම අනුග්‍රහය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබාදේ. මෙම මාධ්‍ය දැනුවත් කිරීම සදහා ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එන් එච් ගුණරත්න, ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෲප් කපිතාන් සුජීව සේනාරත්න මහතා,  ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ ලේකම් ගෲප් කපිතාන් රොෂන් බියන්විල, සිංගර් (ශ්‍රී ලංකා)සමාගම වෙනුවෙන් කුමා සමරසිංහ මහතා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩගේ මහතා, එෆ් එම් දෙරණ නාලිකාවේ ලසිත් සූරියබණ්ඩාර මහතා සහ පාපැදි සංගමයේ ලේකම් නිශාන්ත පියසේන මහතා සහභාගි විය.   



Guwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi SawariyaGuwan Hamuda Papedi Sawariya

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.