අංක 149 ගුවන් ඡායා රූප ශිල්පී මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

අංක 149 ගුවන් ඡායා රූප ශිල්පී මූලික පුහුණු පාඨමාලාව පසුගියදා (සැප්තැම්බර් මස 20)ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවස්ථාව සඳහා එහි අණදෙන නිළධාරී,ගෲප් කැප්ටන් පී රනසිංහ සහ වෘත්තීය පුහුණු පාසලේ වැඩබලන නිළධාරී අණදෙන පුහුණු,ස්කොඩ්‍රන් ලීඩර් ඩබ්. යූ එස් ද සිල්වා සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙසින්,මෝටර් රථ ප්‍රවාහන හා නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී, ගෲප් කැප්ටන් පී ඒ එම් ඩබ් අමරකෝන් සහභාගී විය.

මෙම ගුවන් ඡායා රූප ශිල්පී මූලික පුහුණු පාඨමාලව 2012 පෙබරවාරි මස 27 වන දින ආරම්භ වූ අතර 2012 සැප්තැම්බර් මස 20 වන දින අවසන් විය. මාස 07 කට ආසන්න කාලසීමාවක් පුරා සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ ගුවන් භටයින් 08 දෙනෙකු මෙලෙස සාර්ථකව පාඨමාලාව නිම කරන ලදි.

42736 ගුවන් භට ප්‍රේමරත්න ඩී එම් එස් සි මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ ලබ ගන්නා ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.